Posted by : cristiano Fans Saturday, October 25, 2014

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි. 

පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා.





  • ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත. ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ.
  • Recycle bin එක හිස්ව තබාගන්න. 
  • C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි.
  • Temporary files මකාදමන්න.
  • Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset)
  • Drivers නිසිවේලාවට update කරන්න.
  • Defragment කරන්න.
  • Startup එකේදී run වෙන programs අවම කරන්න.
(රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.)

Temporary files මකමු.
මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක.
Download
click to begin
$$ $DOWNLOAD$
                                                 

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න.

Defragment කරමු.

මෙහිදී වෙන්නේ පරිගණකයේ ඇති යම් ලිපි ගොනුවක files තිබෙන්නේ hard disk එකේ තැනින් තැන නම්. ඒවා එක් තැනකට එකතු කර දීමයි. මේ සඳහා tools ද බොහෝ ඇති අතර windows භාවිතාකොට මෙය පහසුවෙන්ම කල හැකිය.

Hard disk එකක් මත right click කොට properties වෙත යන්න.
ලැබෙන dialog box එකේ tools මත click කොට, එහි ඇති optimize මත ඔබන්න.

පසුව ලැබෙන window එකේ ඔබට අවශ්‍ය hard disk/partition එක select කොට, optimize යන්න මත එබීමෙන් ඔබට අදාල කාර්ය කරගත හැක. 


Startup එකේදී run වෙන programs අවම කරමු.

මේ සඳහා taskbar එක මත right click කොට Task Manager තෝරන්න. (Ctrl + Alt + Del)
දැන් ලැබෙන window එකේ startup, tab එකට පිවිසීමෙන් ඔබේ පරිගණකය on වන විටදීම run වන වැඩසටහන් බලාගත හැක. මෙන් ඔබට අනවශ්‍ය හෝ ඔබ නොදත් ඒවා තිබේනම් ඒවා මත right click කොට disable කල හැක.
ඔය ඔයාට කරගන පුළුවන් ලේසිම දේවල් ටිකක් කිව්වේ. drivers update කරන්න driver reviver වගේ වැඩසටහනක් පාවිච්චි කරන්න පුළුවන්.
                                                  
                                                          %%driver reviver%%
Download
click to begin
$$ $DOWNLOAD$

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome to My Blog

%LAHIRUFM%

Popular Post

LAHIRU. Powered by Blogger.

Translate

- Copyright © 2014 HD WORLD -ලහිරු ලක්මල්- Powered by Blogger - Designed by LAHIRU LAKMAL -